සුමුදු රටා එපා ළඳේ - තිලකසිරි රත්නායක | Sumudu Rata Epa Lande - Thilakasiri Rathnayaka - Sinhala Lyrics


සුමුදු රටා එපා ළඳේ 
කොඳමල්  හසමාන වතේ
කුමුදු බැලුම් එපා ළඳේ 
අඩවන් අනුරාග  නෙතේ

ඔමරි ලතා මවන් ළඳේ
පිරිපුන් හඳපාන ලීලේ
කුරුළු කතා කියන් ළඳේ
විහඟුන් අමනාප නොවේ //

සුමුදු රටා එපා ළඳේ 
කොඳමල්  හසමාන වතේ
කුමුදු බැලුම් එපා ළඳේ 
අඩවන් අනුරාග  නෙතේ


වරළ මුදා නොයන් ළඳේ 
කඩුපුල් මල් යාය සැළේ
නෙතග සිනා මවන් ළඳේ 
තරු මල් වැළපේවි රැයේ //

සුමුදු රටා එපා ළඳේ 
කොඳමල්  හසමාන වතේ
කුමුදු බැලුම් එපා ළඳේ 
අඩවන් අනුරාග  නෙතේ



ගායනය - තිලකසිරි රත්නායක
තනුව/ සංගීතය - සරත් දසනායක
ගී පද - උපාලි ධනවලවිතාන




වීඩියෝව ගත්තෙ මෙතනින් -  SOUND BOARD

Comments