දහසක් පෙම් පැතුම් සීසීකඩ විසිරීලා
විකසිත වූ පෙම් මල් අද පරවීලා
අප මැවු සිහිනයන් නොසිතූ සේ බොඳ වීලා
හිනැහිලා ලංවෙලා ආදරෙන් අපි සිටි එදා
මතකයන් වියැකිලා
මන්දාරම් වැහි පොද වැටේවී
සිත් යායේ මතක රැළි නගාවී
නිම්නාවිය ඈත ඉගිල යාවි
මා තනි වේ මා තනී වේ
ඒ හැම මතකයන් මා දවාවි
මට නොදැනිම මගෙ ඇස් බොඳ වේවී
නිම්නාවිය ඈත ඉගිල යාවි
මා තනි වේ මා තනි වේ
හද යා වූ හැඟුමන් හැම මියැදීලා
ඔබ නැති මේ ලොවේ සදහට මා තනි වීලා
යළි කිසි දා ඔබ මට හිමි නැති හන්දා
මේ හැම වේදනා සඟවා ඉමි දිවි තුරා
කඳුලකින් සුසුමකින් ගීයකින් කවියකින්
මා ඉමී දුක දරා....
මන්දාරම් වැහි පොද වැටේවී
සිත් යායේ මතක රැළි නගාවී
නිම්නාවිය ඈත ඉගිල යාවි
මා තනි වේ මා තනී වේ
ඒ හැම මතකයන් මා දවාවි
මට නොදැනිම මගෙ ඇස් බොඳ වේවී
නිම්නාවිය ඈත ඉගිල යාවි
මා තනි වේ මා තනි වේ
ගායනය - සිනෙත් ප්‍රනාන්දු
තනුව - ස්ටෙෆාන් පාකියනාදන්
ගී පද - කෝසල ඩී. මධුරවීරවීඩියෝව ගත්තෙ මෙතනින් - Sineth Fernando

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...