පුංචි සිතේ පුංචි සිනා - නීලා වික්‍රමසිංහ | Punchi sithe punchi sina - Neela Wickramasinghe - sinhala lyrics
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ //
පුංචි දේට කතා වෙලා
රණ්ඩු වෙලා වෛර බැඳන්
කතා නොමැති ගෙවල් තුනක දූලා පුතාලා
අම්මාලාට හොරෙන් ඇවිත්
සෙනෙහෙ සිතින් යාළු වෙලා
පුංචි පැටව් එක පවුලකි වෙල් ඉපනැල්ලේ
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ
දෙමාපියන් කතා නැතුව
වෛර වුණත් ඒ වාගේ
පුංචි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ
මල් වාගේ දුවේ පුතේ
ලොකු අයටත් අඬ ගහලා
ජීවිතයේ කතාන්දරේ කියා දියන්නේ
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ ///
ගායනය – නීලා වික්‍රමසිංහ
සංගීතය – රෝහණ වීරසිංහ
ගේය පද – කුලරත්න ආරියවංශ
වීඩියෝව ගත්තෙ මෙතනින් - senarath bandara
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...