පවනේ සැලේ
සීතල මේ නිහඬ රෑ
ආදර විහඟුන් බලා
තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ
සිතුම් විමානේ සසල කලා වූ
පෙම් හැඟුමන් පිබිදී
මහද පුබුදු කල ආදර ගීතය
නැවුම් ලොවක පාවී
සවනට මාගේ කොඳුරන්න
නයනාවියේ
තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ
සීතල මේ නිහඬ රෑ
ආදර විහඟුන් බලා
තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ
ජීවිත උයනේ විකසිත කුසුමන්
සුවඳින් මහද සැලේ
නෙතුකැන් පිබිදී තරුමල් දිලිසී
දිවි මග එලිය දිදී
සවනට මාගේ කොඳුරන්න
නයනාවියේ
තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ
සීතල මේ නිහඬ රෑ
ආදර විහඟුන් බලා
තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ
ගායනය - වික්ටර් රත්නායක
තනුව - එච්. එම්. ජයවර්ධන
පද - හැරී විමලසේන
වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...