අනේ හිමියනි ඉදින් නවතිනු
සෙබළු බොහොමයි ගැන්සියේ
නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ
කෙරුව එකෙකුට වන්නියේ
එකම පාරක දෙපිල බෙදිලා - සටන් කෙරුවත් හන්දියේ..
බංකරේ මා අන්තරේ නුඹ - ඒත් අපි එක පන්තියේ..
ගැටළු ඇති බව මට ද වැටහේ හොඳයි නිසි උද්ඝෝශනේ..
ඒත් විසදුම මෙහෙම පතුරන එක ද පාරේ භීෂනේ..
කසාවතකට උරුම දේ නම් රකිනු මිස බුදු සාසනේ..
ගලක් ගැහුවම වැහෙයි සයිටම් එයද සම්බුදු දේශනේ..
දෑත් එක්කොට කියමි අන්තිම වරට පෙන්නා ආදරේ..
යන්න පසුබැස තවම ඉස්සී නොමැත කඩුපොලු තෝමරේ..
පිරෙයි පවු මට තවත් අඩියක් පැන්නොතින් නුඹ බෝඩරේ..
අරන් ආවේ මමත් නුඹ මෙන් මට උඩින් දුන් ඕඩරේ..
අනේ හිමියනි...
ගායනය : සාදර බණ්ඩාර
පද රචනය : චමිදු මිහිරංග
සංගීතය : සාදර බණ්ඩාර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Sadara Bandara

ReplyDeleteගායනය : සාදර බණ්ඩාර
පද රචනය : චමිදු මිහිරංග
සංගීතය : සාදර බණ්ඩාර