කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ
නළල් වටින්
එන දාඩිය මුතු කැටියේ
කන්ද උඩින් එන ගෝමරියේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ
නළලේ දාඩිය මුතුපට පටලා
වලාකුළේ සුදු සේලය රැළි ලා
වලාකුළේ සුදු සේලය රැළි ලා
අත පාමුදු පය පාමුදු ලාගෙන
ළමැදේ ගෝමර මල් ගවසාගෙන
කන්ද උඩින් එන ගෝමරියේ
කන්ද උඩින් සඳවත පායන්නේ
සිනා කිරෙන් සඳ එළිය ගලන්නේ
ලැවුගිණි ගත් සිත එයිනි නිවෙන්නේ
රන් තැටියෙන් කිරි දියර දියන්නේ
කන්ද උඩින් එන ගෝමරියේ
කඳු පාමුල මිටියාවත වැතිරී
ඔබ එනතුරු මම හිඳිනෙමි තනිවී
ඈත ඉඳන් කඳු මුදුනට නැගලා
මා කැඳවන් ඔබ වෙත අත වනලා
කන්ද උඩින් එන ගෝමරියේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ
නළලේ දාඩිය මුතුපට පටලා
වලාකුළේ සුදු සේලය රැළි ලා
වලාකුළේ සුදු සේලය රැළි ලා
අත පාමුදු පය පාමුදු ලාගෙන
ළමැදේ ගෝමර මල් ගවසාගෙන
කන්ද උඩින් එන ගෝමරියේ
ගායනය, සංගීතය - ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද - මහගමසේකර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Sinhala Songs

ආසම සිංදුවක්
ReplyDelete