පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා..
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා..
අරුත බිඳී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා..
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා..
පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් භවේ පින මදි හින්දා..
බලාහිදිමි මතු භවයක හෝ
පසු වදන ලියන්නට එතැයි කියා..
පෙරවදනක් වී...
ගායනය : සනුක වික්‍රමසිංහ
පද රචනය : උමා අසේනි
සංගීතය : සනුක වික්‍රමසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - SANUKA

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...