නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ
දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා අපමයි තැවුනේ
අතරින් පතරේ වියැකීලා
ඔබ මා නෙතගේ රැඳුනා
නිම් හිම් සෙව්වා ...
ඉර හද සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
ජන්මෙන් ජන්මේ රැවුදීලා
සටනින් අද මා දිනුවා
නිම් හිම් සෙව්වා ...
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය : නිමල් මෙන්ඩිස්
මැණික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ "සීතාදේවී (1970)" චිත්‍රපටයේ ගීතයක්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dr196903
හැමදාමත් පෝස්ට් එක බලනවා. "මේ පොඩි ලස්සන බෝනික්කා" ගීතයත් ඉදිරියේ දානවනම් වටිනවා.
ReplyDeleteජයවේවා!!!
paeplerXhaunu-1995 Christian Blasko click here
ReplyDeletevinkerzdissa