යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා..
මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා..
ඔබෙන් ලද ආදරය මං
හිතේ සඟවාන හැමකල්..
නැවත ඔබ හා - සසරේ මතුදා
එක්වෙන්න දින ගණිනා..
මගෙ හිත සොයා - දවසක ඔයා
යලි එන්න නෑ තරහා...
ලඟින් ඔබ තියන් - මගේ පණ කියන්
එකට හිටිය දිනයේ...
මගෙන් තොර ලොවක් - ඔබට ඇති බවක්
නැහැනේ හිතට දැනුනේ...
යළිත් ඔබව හිමිනැති නම්..
මගේ සෙනෙහේ අඩුනම්..
නැවත ඔබ හා - සසරේ මතුදා
එක්වෙන්න දින ගණිනා..
මගෙ හිත සොයා - දවසක ඔයා
යලි එන්න නෑ තරහා...
කියන් මගේ හිතින් - තවත් කෙනෙකුගෙන්
පෙමක් පතා රහසේ..
අලුත් සෙනෙහසින් - දුකක් ලැබුනොතින්
මවෙත එන්න පෙරසේ...
පෙරුම් පිරුවේ ඔබ හා මං..
කූඩු වෙන්න හැමකල්..
නැවත ඔබ හා - සසරේ මතුදා
එක්වෙන්න දින ගණිනා..
මගෙ හිත සොයා - දවසක ඔයා
යලි එන්න නෑ තරහා...
යන තැනක ඉන්න...
ගායනය : මිහිඳු ආරියරත්න
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : රාජ් තිලයියම්පලම්
වීඩියෝව ගත්තෙ මෙතනින් - RajVEVO
මෑතක අහපු සුපිරිම සින්දුවක්..
ReplyDeleteනිකමට වගේ හිතෙනවා මෙලඩි ය කොහෙහරි රටක කොපියක්ද කියලා..
එත් එහෙම වුනත් නැතත් මහන්සි නැතුව අහන්න පුළුවන් අමුතුම තාලෙක සින්දුවක්.
අනිවා..වොයිස් එකත් අළුත් මෙලඩිය හිතට වදිනවා..
Deleteරාජ් තිලයියම්පලම් ගේ සිංදු ගොඩක් ඉන්දියන් ෆිල්ම් ආරට යනවා කියල හිතෙනවා ඒකයි අපිට මෙලඩිය හිතවත් වගේ දැනෙන්නේ..