හෝ හෝ..............හේයි....!
හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. [තදෙන තනා]
හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. [තෙයිතන තනා]
සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
- දියපල්ලේ තිබෙයි අල [දෙයියන්ගේ පිහිටයි]
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
- දියමතුපිට තිබෙයි කොල [ගලෙලි හඥයි]
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල [හා..හෝ..]
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල [තම්දෙන තනා]
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සසඳ සසඳ සඳ පානේ අපි යනවා
- සඳ පානේ අපි යනවා [දෙයියන්ගේ පිහිටයි]
මක්කොලි බඳට ගොන් බානක් බැඳයනවා
- ගොම්බානක් බැදයනවා [ගලෙලි හඥයි ]
සකිය සගව්වට රෝදය කැරකෙනවා [හා..හෝ..]
දත් කැකුලට නාරම්මල ලත වෙනවා [තම්දෙන තනා]
දත් කැකුලට නාරම්මල ලත වෙනවා
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට
- සඳ පොබයන සාවුන්ට [දෙයියන්ගේ පිහිටයි]
මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට
- දුටු විගසට ගිරවුන්ට [ගලෙලි හඥයි]
පදින සැරේ.....රොන් ගෙන යන බඹරුන්ට [හා..හෝ..]
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට [තම්දෙන තනා]
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට
සකිය සගව්වටට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..////
ගායනය, සංගීතය - රෝහණ බැද්දගේ
[පාරම්පරික කරත්ත කවි අශ්රයෙනි]
වීඩියෝව ගත්තෙ මෙතනින් - kell supun
මෙතන මස්තකයිනට කියන එක මස්ටකයින්ට යනුවෙන් නිවැරදි විය යුතුයි. මස්ටකයින් කියන්නේ මාළුන්ට. මස්තකය කියන්නේ මොළයට. මාළුන්ට නෙළුම් මල මුතුකුඩයක් කියන එකයි මේකෙන් අදහස් වෙන්නේ.
ReplyDeleteසඟව්ව යන්න සගව්ව ලෙසත් නිවැරදි වියයුතුයි. සගව්ව යනු ගව් 6ක් කියන එකයි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමකොලි යන්න මක්කොලි විය යුතුයි. මක්කොලි යනු වියගහයි.
ReplyDeleteබදින සැරේ යන්න පදින සැරේ යනුවෙන් නිවැරදි විය යුතුයි.
ReplyDeleteස්තූතියි මාධව... ඔබ දකින වෙනත් වැරදිත් අපට කියන්න.
ReplyDeleteමේ හැඩයේ ගීත ඔබ තව දන්නවනම් අපට කිව්වොත් ඒවයෙ පද ලියන්නත් පුළුවන්.
මේ සින්දුවේ සම්පුරන තෙරුම දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්
ReplyDeleteඅපේ ගීයට මගෙන් අරුතක්- (සකිය සගව්වට රෝදය කැරකෙනවා..)
Delete-වෙෙරය සසර ගමනට හොද ජවයක් වගේම මෛත්රිය සසර ගමන නවතන බලවේගයක්-
(වයිර ගොනා දන ගහලා අදින කොට- මයිල ගොනා පැන්නයි පස්සට හොරට) මෙහෙම තමයි ගීතයේ ආරම්භය.
නාරම්මල දක්වා ගමන් කරන මේ ගැල් කරත්ත නවතින්නෙ ගව් හයකට පසුවයි ඒ් දක්වා මේ රෝද කැරකෙන්නෙ නිවන දක්වා කැරකි කැරකි යන මේ සසර වගෙයි. (සකිය සගව්වට රෝදය කැරකෙනවා..)
මේ දුෂ්කර ගමන අතරතුර ඔවුන් තම ජීවිතය සහ පරිසරය තුළ ඔවුන්ට දකින්නට ලැබෙන දේවල් එකිනෙකට සංසන්දනය කරමින් තම වෙහෙස දුක කාන්සිය නිවාගන්නා අයුරැ මේ ගීතයෙන් කියවෙනවා.(සසඳ සසඳ අපි මහපාරේ යනවා.)
නෙළුම් අලයක් ටිකෙන් ටික මෝරල නෙළුම් පොහොට්ටුවක් ලෙස නෙළුම් කොල ඈත් කරගෙන උඩට මතුවෙනව. වැහි පිනි වැටුණු නෙලුම් පොහොට්ටුව හිරු කිරණින් විකසිත වෙලා හිරු කිරණින්ම බබලද්දී එය මත්සයන්ට මුතු කුඩයක් වගෙයි.
එලෙසම බෝසතාණන් වහන්සේද පිනෙන් මෝරමින් නෙළුම් කොල නැමැති නීවරණ දුරැ කොට ප්රඥා ආලෝකය ලබා ප්රඥාවෙන්ම බැබලෙමින් ලෝ සතට සෙත සැලසූ බව ගීතයේ මුල් කොටසින් දක්වනවා.
මේ කරත්ත ගමන අවසන් වන මොහොතේ පමනයි සැබෑ සතුටු සිනහවක් හටගන්නෙ.ඒ සිනහව දකින්න නාරම්මල ගම්මානය මග බලාගෙන ඇති. (දත් කැකුලට නාරම්මල ලත වෙනවා) සසරේ අවසානය වන නිවන එකම සැපය බව මෙයින් අදහස් කෙරනවා.
ගොන්නු දෙදෙනෙකු කරත්තයේ බැඳගෙන සඳ බබළන රාත්රීයේ ගමන් ගන්නා ඔව්න් පායා එන සද අහිංසක හාවෙකුට උපමා කරනවා.(සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට)
ඒ වගේම කරත්තෙ බැඳලා ඉන්න ගොන්නු ගැන ඔහු දකින්නේ කූඩුවක හිරකරපු ගිරව් විදියටයි.(මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට) හිතට දුකක් දැනුනු ඔහු කියනවා උඹලා ගාලෙදී ලිහන්නම් කියලා.(ගාලෙ ලිහඥයි)
කෙවිට පාර ටිකක් තදට වැදුනු වෙලාවට ඔහුට හිතෙනවා ඒක බබරෙක් විද්ද වගේ සැරට දැනෙන්න ඇති කියල.(වදින සැරේ.....රොන් ගෙන යන බඹරුන්ට)
ටිකිර ගැන දුක හිතෙන ඔහු යෝජනාවක් කරනවා සසරින් නිදහස් වෙන්න උබත් වරෙන් කියලා.(වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට)
අපේ ගීයට මගෙන් අරුතක්-
ReplyDelete-වෙෙරය සසර ගමනට හොද ජවයක් වගේම මෛත්රිය සසර ගමන නවතන බලවේගයක්-

සිදුහත් කුමාරයා බුදුවෙන්න ආපු ගමන ගැනත් කියන්න පුලුවන්
ReplyDelete