සිනහවයි කඳුලයි සදා
ලෝකයේ බල දෙක මහා
සිනාසී හැඬුවත් හඬා
සිනා පෑවත් එක තමා
සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න //
ඔයා හෙළු කඳුලැලි අගේ
ගලන විට කම්මුල් දිගේ //
දිමුතු මුතු වාගේ පෙනෙන්නේ
ලස්සනක් නැහැ ඔය වගේ
සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න
බොරු කියා ඔබ හැඬෙව්වත්
ලපටි හදවත රිදෙව්වත් //
මගේ ආලය මමයි දන්නේ
නැහැ වෙනස්කම් සිතින්වත්
සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න
රත්තරන් අත් දෙක තබා
අඬන විට ඔබ ඉකි ගසා //
මගේ ආලය තවත් වැඩිවේ
තවත් අඬවමි බොරු කියා
සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න //
ගායනය - මොරිස් දහනායක
තනුව - පැට්රික් දෙණිපිටිය
ගී පද - සිරිල් ඒ. සීලවිමල
වීඩියෝව ගත්තෙ මෙතනින් - CodeName_L
මොරිස්ගෙ සින්දු ඔක්කොම වගේ හොඳයි
ReplyDeleteමොරිස්ගෙ පුතා හා මා පාසල් කාලේ මිත්රයෝ
දැනට මොරිස්ගෙ සින්දු තියන සී ඩී එකේ මියුසික් ජරිනැති නිසා 2014 ජනේරුවේ විතර මා ඔහුට කීවා සීඩී එකක් කරන්න කියලා
එයාගාව ඔරිජිනල්ස් තිබේලු...
"අන්න ඕලු මලක් නිල්දිය මත පාවෙලා..."
"තම්බපන්නි ජන්මභූමි ශ්රී ලංකා..."
හොඳ සරල වින්දනයකට සුදුසු ගී..
ස්තූතියි හරේ ජාලයට එක්කහු කරනවට මෙව්වා...
ඉතින් තාම කරලා නෑද තිස්ස අයියේ
Deleteකොහෙද... ඒ මනුස්සය තාම මොකුත් කරලා නෑ :-(
Deleteඔය ඔිලු මලක් එක පොඩ්ඩක් වැදුනම කලිං පරම්පරාවෙ උන්දල තාම කියන එකක්. හොඳ එකක් හම්බවුණේ නෑ තාම...
Delete