ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
නොකිවූ රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
වීඩියෝව ගත්තෙ මෙතනින් - jasonsociety
විඩියෝ එකේ තියෙන්නේ වෙන සිංදුවක්
ReplyDeleteස්තූතියි සහෝ...පොඩි වැරදීමක්..වෙනස් කලා.
Deleteපෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
ReplyDeleteපාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
නොකිවූ රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි
පෑ දිය නිල්ල ද ?
ReplyDeleteවෑ දිය නිල්ල ද ?
වෑ දිය නිල්ල!
Deleteහැදුවා! ස්තූති වේවා!
suwanda daneyi
ReplyDeleteMe geethaye theruma pahedili kranna puluwanda
ReplyDeleteAne.. Matath me geethaye theruma pehadili karala denna puluwanda..
ReplyDelete