මිහිලියගේ තුනු සපුව පුරා - ඩබ්ලිව්. ප්‍රේමරත්න | Mihiliyage thunu sapuwa pura - W Premarathna - sinhala lyrics
මිහිලියගේ තුනු සපුව පුරා
විහිදුනු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා //
සිසිල ගෙන එන මාරුතේ
ලොවම අමතක වී යතේ //
රසය දෙන මුදු මීවිතේ
මිරිඟුවකි මනු ජීවිතේ
මිහිලියගේ රූ සපුව පුරා
විහිදුනු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා
එක ම තැනකින් බිහි වෙලා
ගලන ගඟ යයි වෙන් වෙලා //
අප ද සිටියට ළං වෙලා
බෙදෙනු ඇත වී මං මුලා
මිහිලියගේ රූ සපුව පුරා
විහිදුනු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා //
ගායනය - ඩබ්ලිව්. ප්‍රේමරත්න
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන
ගී පද - කරුණාරත්න අබේසේකර
‘මිරිඟුව‘ චිත්‍රපටියෙන්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinusha Nilantha
වඩා හොඳ ශ්‍රවණ තත්ත්ව සහිත අනුවාදයක් මෙතනින්
අපෙන් සමුගත් ප්‍රේමරත්නයන් යලිදු අප අතරටම .......... ඔබට නිවන් සුව
ReplyDeleteමෙතන
ReplyDeleteඅග පද පෙල නැ