ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා
ගහකොළ සෙළවී ඔහු දෙස බැලුවා
බිම් මල් හිනැහී හිස වැනුවා
ඒ දඬුමංකඩ තිත්ත පැටවු රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුනා
ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැළ පේලි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ
පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැගුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට සිතුනා
ගායනය : විශාරද සුනිල් එදිරිසිංහ
සංගීතය : එච්.එම්.ජයවර්ධන
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
ලස්සන ගීයක් මම හිත්න්නේ..සංගීතය රෝහණ වීරසින්හ කියල.
ReplyDeleteමේ ගීය ලිව්වේ කුමාරදාස සපුතන්ත්‍රී සංගිතය: එච්.එම්.ජයවර්ධන. මේගීයේ තිබෙන විශේෂත්වය නම් මේ ගීය තනුවකට අනුව වචන යොදා ලියූ ගීයක් වීමයි.
ReplyDeleteස්තූතියි දයානන්ද රත්නායක.
ReplyDeleteඔහුට මුවාවී පාසැල් යන්නේ
ReplyDeleteමා දැයි නිකමට මට සිතුනා
Prabath
mahagama sekarayange kavi pelak thiyanawa neda me giyata godak samana.
ReplyDeleteඅතීතයේ ගමේ පාසල් සමයට සිතින් ගෙනයන ගීතයක්..
ReplyDelete