මුළු ලොවම නැති උනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන් //
ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට
වරම් නැති වූ ලෝකයෙන්... //
වෙන්ව සිටිනා හුදකලාවේ...
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
මුළු ලොවම...
ලොවේ දිනයෙක තනි වුණෝතින්
ඔබේ හද සෝ තාපයෙන්... //
සොයා එන්නට සිටින කැපවී
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
මුළු ලොවම...
ගායනය - ටී. එම්. ජයරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුලරත්න ආරියවංශ
ටී.එම්.ගේ මුල් යුගෙයේ ගී දෙක තුන අතර මේගියත් තියෙවා.මට මතක හැටියට රත්තරන් නෙත්, ගියත් ආවේ මේ කාලෙමයි. ටී.එම්, රෝහණ වීරසිංහ, කුලරත්න ආරියවංශ, තුන් සිතක ගී කියලා එක දිගට ගී නිර්මාණ කල කාලයක් තිබුණා. මේ ඒ තුන් දෙනා අපූර්වතම අවස්ථාවක්.
ReplyDeleteතාමත් පැරණි නොවී විදින ගීයක්.