ඔබ හිනාවෙන්නෙ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
අඬන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
ඔබ හිනාවෙන්නෙ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
අඬන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
මට කියාදෙන්න ඒ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
මුඩු බිම මත හිමිහිට අඩි තිය තිය
තාලෙට ඇවිදින්නේ ඔබ කොහොමද
වේදනා ගඟේ ඉහලට පහලට
කිමිදෙන්නේ කොහොමද ඔය විධියට
මට කියාදෙන්න ඒ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
ආදර වැහි කෝඩෙට ගිලිහී ගිය
මඩ තැවරුණ දුක්බර මල් පෙත්තක
ලස්සන හසු නොවුණිද ඔබගේ දෑසට
පියඹා යද්දී ඈතින් ඈතට
මට කියාදෙන්න ඒ කොහොමද
ඔබ හිනාවෙන්නෙ කොහොමද
මරු කතරක ඉපදී මියෙනා සඳ
මරු විකලෙන් සිහිසන් වුණ මොහොතක
මාර දුවක නොවෙතියි ඔබ සැක හැර
දැනගන්නේ කොහොමද මගෙ සුරඟන
මට කියාදෙන්න ඒ කොහොමද
ඔබ හිනාවෙන්නෙ කොහොමද
අඬන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
ගායනය - සුදන්ත මාධව, ස්කිට්සෝ
සංගීතය - තිළිණ බාලසූරිය
ගී පද - චාමර ගුරුගේ
මේක පස්ට සිංදුව..... :D
ReplyDeleteමේ සෙට් 1 ගැන මම මෙහෙම තැනක දැක්කමයි. ස්කිට්Zසෝ ලගෙ මාරම වැඩ ටිකක් තියෙනව ලංකාවෙදි කොහෙදිවත් දැකපු නැති විදිහෙ. මුන් ටික මේව එලියට දන්නෙ නැත්තෙ ඇයි...???
ReplyDeleteමේකේ ලබැඳි කටහඬ මාධව ගෙ
ReplyDeleteගී පද - චාමර ගුරුගේ
ReplyDeleteතනුව - තිළිණ බාලසූරිය
මරු!
Deleteතටු මැවුනාද - SKITZOsl
ReplyDeletehttps://soundcloud.com/thilina-blyz/thatu-mewunada-by-skitzosl