සිහින් සරින් ඉකි බිඳ බිඳ - ආත්මා ලියනගේ | Sihin sarin iki binda binda - Athma Liyange - sinhala lyrics


සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හීසර නුඹේ වෙතට
මා නොහෙළමි හීන කුමරි
මා නොහෙළමි හීන කුමරි //


ආදරයේ වේදනාව 
දිනකදි ඔබහට දැණේවි
ඒ දැණුනම මගෙ හී වෙත
ඔබ නිහඬව බැණ වදීවි
ඔබ නිහඬව බැණ වදීවි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හීසර නුඹේ වෙතට
මා නොහෙළමි හීන කුමරි
මා නොහෙළමි හීන කුමරි


ආදරයේ කඳුළු පළස
මත නිහඬව ඔබ හිඳීවි
නිබඳව ඔබ හිඳිනා සඳ
හීන් හඬින් බැණවදීවි
හීන් හඬින් බැණවදීවි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හීසර නුඹේ වෙතට
මා නොහෙළමි හීන කුමරි
මා නොහෙළමි හීන කුමරි


ගායනය - ආත්මා ලියනගේ
තනුව - ආත්මා ලියනගේ
ගී පද - කුමාරි ලංකා


   

 වීඩියෝව ගත්තෙ මෙතනින් - Thilanka Weligama

Comments