සඳ තරු මල් - සමිතා මුදුන්කොටුව, අතුල අධිකාරී | Sanda Tharu Mal - Athula Adhikari, Samitha Mudunkotuwa - sinhala lyrics
සඳ තරු මල් මට දන් දුන්
මගේ..රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ..ඔටුනු නුඹ ලාගන්
දයාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ...
ගණ දෙවිදුන් මට දන්දුන්
මගේ නුවණ නුඹ අරගන්
පතිණි මවුන් මට රැකදුන්
පතිණි බලය නුඹ අරගන්
දයාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ...
සඳ තරු මල්...
ඇල දොල ගං මට දන්දුන්
හදේ සිසිල නුඹ අරගන්
මහ වන විල් මට දන් දුන්
හිතේ සිසිල නුඹ අරගන්
දයාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ...
සඳ තරු මල්...
ගායනය : සමිතා මුදුන්කොටුව සමඟින් අතුල අධිකාරී
පද රචනය : රඹුක්කන සිද්ධාර්ත හිමි
සංගීතය : රෝහණ වීරසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music
ලබැදි හිමිකරුවන්
L - රඹුක්කණ සිද්ධාර්ථ හිමි,
M - රෝහණ වීරසිංහ,
අතුල අධිකාරි,
සමිතා මුදුන්කොටුව
Subscribe to:
Posts (Atom)