නෙත් යාය මත්වීය (දෙරණ මිස් ශ්‍රී ලංකා 2017 තේමා ගීතය) - රවීන් කණිශ්ක, හර්ෂ ධනෝෂ් | Derana Offmarks Miss Sri Lanka For Miss Earth 2017 Theme Song - Raveen Kanishka, Harsha Dhanosh ft Randhir




සඟවන් රුවින් සාර ආශා හැඟුම් ගේන..
තරුවන් නුවන් බාර නාරී ගමන් තාල..
දුටුවන් වශී වූව ශෝභා වතින් කෝල..
නෙක මල් පැතුම් හීන සේයා ලදුන් ගේන..

නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය..
දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය..
සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය..
යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල..

ඉඟ සුඟ පා - සුරගන රූ වත
උතුරන ආශා රෑ පුරා..
රූ වරුනා - කළඹන මේ සිත
ඉඟ සුඟ වා වත මලරූබරින්..

නෙත් යාය මත්වීය...//

රූ නාරියේ ඉදුරන් සිත්තමේ
මා මන කළඹනා..
තරු අකාහේ රෑ තරු වාගේ
වත දිදුලනා..

නෙත් යාය මත්වීය...//

ගායනය : රවීන් රණසිංහ සමඟ හර්ෂ ධනෝෂ්
පද රචනය : ෂෙහාන් ගලහිටියාව
සංගීතය : නිමේෂ් කුලසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - eTunes



Comments