පෙරවදනක් - සනුක වික්‍රමසිංහ | Perawadanak - Sanuka Wickramasinghe - sinhala lyrics


පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා..
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා..

අරුත බිඳී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා..
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා..

පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් භවේ පින මදි හින්දා..
බලාහිදිමි මතු භවයක හෝ
පසු වදන ලියන්නට එතැයි කියා..

පෙරවදනක් වී...

ගායනය : සනුක වික්‍රමසිංහ
පද රචනය : උමා අසේනි
සංගීතය : සනුක වික්‍රමසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - SANUKA


නෙත් යාය මත්වීය (දෙරණ මිස් ශ්‍රී ලංකා 2017 තේමා ගීතය) - රවීන් කණිශ්ක, හර්ෂ ධනෝෂ් | Derana Offmarks Miss Sri Lanka For Miss Earth 2017 Theme Song - Raveen Kanishka, Harsha Dhanosh ft Randhir





සඟවන් රුවින් සාර ආශා හැඟුම් ගේන..
තරුවන් නුවන් බාර නාරී ගමන් තාල..
දුටුවන් වශී වූව ශෝභා වතින් කෝල..
නෙක මල් පැතුම් හීන සේයා ලදුන් ගේන..

නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය..
දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය..
සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය..
යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල..

ඉඟ සුඟ පා - සුරගන රූ වත
උතුරන ආශා රෑ පුරා..
රූ වරුනා - කළඹන මේ සිත
ඉඟ සුඟ වා වත මලරූබරින්..

නෙත් යාය මත්වීය...//

රූ නාරියේ ඉදුරන් සිත්තමේ
මා මන කළඹනා..
තරු අකාහේ රෑ තරු වාගේ
වත දිදුලනා..

නෙත් යාය මත්වීය...//

ගායනය : රවීන් රණසිංහ සමඟ හර්ෂ ධනෝෂ්
පද රචනය : ෂෙහාන් ගලහිටියාව
සංගීතය : නිමේෂ් කුලසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - eTunes



ආදරෙයි වස්තු - දිමංක වෙල්ලාලගේ | Adarei Wasthu - Dimanka Wellalage - sinhala lyrics



දුක දැනෙන අයුරු - නොදැන වස්තු
ඔබ යන්න ගියේ පෙරදා..
ආදරේ මැරුණු හේතු කරුණු
පහදන්න යලි මාව අමතා..

ඔබගෙ සතුටම පැතූ..
පෙම්වතෙකි තනිවූ...
නමුදු මියෙනා තුරු..
ආදරෙයි වස්තූ..//

ආදරය සමඟ මමනම් නෑ සෙල්ලම් කරලා
හීනෙකින් වත් පාරලා නෑ ඔය හිත කිසිදා
සැකමුසු බැල්මෙන් රවටන හැඟුමෙන්
නෑ මං ඔබදෙස බලලා..
පිවිතුරු සිතකින් පෙම් කලෙ පණමෙන්
සත්තයි ඇස් දෙක පල්ලා...

ඔබගෙ සතුටම පැතූ..පෙම්වතෙකි තනිවූ...
නමුදු මියෙනා තුරු..ආදරෙයි වස්තූ...

අදරය ඇයි මේ තරම් දැඩි රිදවුම් දෙන්නෙ
කරුමයද මේ මා රැගෙන ආ පෙර අත් භවයේ
සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින්
යහපත පතනෙමි සැමදා
සමුගමි ඔබගෙන් නොහඬනු රහසින්
යලි මාව මතක් කරලා

දුක දැනෙන අයුරු..


ගායනය : දිමන්ක වෙල්ලාලගේ
පද රචනය : ලසිත ජයනෙත්තිආරච්චිගේ
සංගීතය : දිල්ශාන් සිල්වා


වීඩියෝව ගත්තෙ මෙතනින් - eTunes


රෑ...රෑ සිහිනේ මා - සංඛ දිනෙත් | Raa Sihine Maa - Sanka Dineth - Sinhala Lyrics


රෑ...රෑ සිහිනේ මා - මායාවේ පෑ - සේයාවී ඈ..
ඈ..මදහාස පා - දැහැනේ බිඳී.. - ආදරේ පෑ
ඔය බඹසරට සිත බැඳිලා..
ඔය නෙතට මා ගැටුණා..
ජීවිතය උමතුයි ළදේ..//

සනසාවී මා හා - හුස්මක් හෝ පාලා..
දෙනුවන් වසාලා සතපාලා..
සන්තාපේ මා හා - අනුරාගේ පාලා
මුවඟින් සිනා පා පිදුවා..

මා....මා දුටුවේ ඈ නෙලනා රුවේ..
දසුනක් මැවේ..
ඒ..ඒ රැයම මා - සිටියේ නුඹේ
යහනේ ළදේ..
ඔය බඹසරට සිත බැඳිලා..
ඔය නෙතට මා ගැටුණා..
ජීවිතය උමතුයි ළදේ..//

සනසාවී මා හා - හුස්මක් හෝ පාලා..
දෙනුවන් වසාලා සතපාලා..
සන්තාපේ මා හා - අනුරාගේ පාලා
මුවඟින් සිනා පා පිදුවා..

ඔය බඹසරට සිත බැඳිලා..

ගායනය :  සංඛ දිනෙත්
පද රචනය : රුවන් ගුරුගේ
සංගීතය : සංඛ දිනෙත්



වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk



Related Posts Plugin for WordPress, Blogger...