කාපල්ලා බීපල්ලා - ප්‍රසන්න අබේසේකර ‍| Kapalla beepalla - Prasanna Abeysekara - sinhala lyrics


කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා
එනවද දන්නෑ යමපල්ලා
හෙට හමු වේදෝ අද ම මැවේදෝ
දෙවියොයි දන්නෝ අපියි නොදන්නෝ

දන්නෑ දන්නෑ දන්නෑ ////

යාන වාහන මලකඩ කනවා
ගේ දොර බිල්ඩිං පොළොවට යනවා
හිත මිතුරන් අපගෙන් වෙන් වෙනවා
මොන වැඩ දැම්මත් අපිත් මැරෙණවා

මැරෙණව ////

කනවද බොනවද යනවද එනවද
හැරුනද මැරුනද පෙරුනද පෙලුනද
වැටුනද නැටුනද එතුනද ගෙතුනද
ගැහුවද ඇහුවද ලිව්වද කිව්වද
මොනවද?

කනවද බොනවද යනවද එනවද
හැරුනද මැරුනද පෙලුනද පෙරුනද
වැටුනද නැටුනද එතුනද ගෙතුනද
ගැහුවද ඇහුවද කිව්වද ලිව්වද
මොනවද?

කනවද බොනවද යනවද එනවද
හැරුනද මැරුනද පෙරුනද පෙලුනද
වැටුනද නැටුනද එතුනද ගෙතුනද
ගැහුවද ඇහුවද කිව්වද ලිව්වද
මොනවද?

කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා
එනවද දන්නෑ යමපල්ලා
හෙට හමු වේදෝ අද ම මැවේදෝ
දෙවියොයි දන්නෝ අපියි නොදන්නෝ

යාන වාහන මලකඩ කනවා
ගේ දොර බිල්ඩිං පොළොවට යනවා
හිත මිතුරන් අපගෙන් වෙන් වෙනවා
මොන වැඩ දැම්මත් අපිත් මැරෙණවා

අපිත් මැරෙණවා ///


ගායනය, සංගීතය, ගී පද - ප්‍රසන්න අබේසේකර



Comments

  1. ඔයා කරණ්නෙ සිරාමසිරා වැඩක්.මම ගව පරණ නෘථ්ය ගීත ටිකක් ස්වර ලිපි සහිතව. ඔයාගේ මේ වැඩේට ඇවැසි නම් රිප්ල්ය් එකක් දාන්න.
    thattayagekolama.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා සහයෝගයට, හැකි නම් ඒවා geepadura@gmail.com වෙතට එවන්න..අපි පැදුරට එක්කරන්නම්..!

      Delete
  2. Can anyone plz post a link of this song...???

    ReplyDelete
    Replies
    1. Not even a youtube link. He passed away few years back and we will not get higher quality versions from his voice ever :-(

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...