ආත්මෙදී - ජූඩ් රෝගන්ස් | Athmedi - Jude Rogans - sinhala lyrics


හංඟා තබා තියා ගමී..
හිත මැරුව වේදනා දැඩී..
උඩ ඉන්න දෙවිවරුත් නැතී..
කම්පා වෙලා නිසා අපී..

රඟපෑවේ ඇයි ඔයා - මගෙමයි කියා..
පව්කාරියක් වුනේ ඇයි - හැරගොස් මෙමා..
ආත්මෙදී ලබන්න බෑ - මං වගේ කෙනෙක්..
ආයේ මං පතන්නෙ නෑ - ඔයා වගේ කෙනෙක්..//

පහන දල්වා මළුවෙදී මේ අත්දෙකෙන් අල්ලා..
ඒත්තු දුන්නා ආදරෙන් ලංවෙන්න අපි දෙන්නා..
ලේ වලින් ඔබ ලියා - දුන් ලියුම් දිව්රලා..//
නිරපරාදේ මං හුඟක් විශ්වාස නම් කෙරුවා..

ආත්මෙදී ලබන්න බෑ - මං වගේ කෙනෙක්..
ආයේ මං පතන්නෙ නෑ - ඔයා වගේ කෙනෙක්..//

සානුකම්පාවෙන් බලන්නෙ මං ඔයා දිහා..
වෛරයක් නෑ පැහි පැහී තුන් හිතකවත් කිසිදා..
ජාති ජාතිත් ඔයා - ආයෙ නම් මට එපා..//
හිතෙනවා දැන් ඇයි ඔයා මට හමුවුනේ කියාල..

ආත්මෙදී ලබන්න බෑ - මං වගේ කෙනෙක්..
ආයේ මං පතන්නෙ නෑ - ඔයා වගේ කෙනෙක්..//

හංඟා තබා තියා ගමී..

ගායනය : ජූඩ් රෝගන්ස්
පද රචනය : චතුර වර්ණසේකර
සංගීතය : චතුර වර්ණසේකර


වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV Music 

Comments