මත් මල් සේනා - කසුන් කල්හාර | Math mal sena - Kasun Kalhara

මත් මල් සේනා පාවේ පාවේ - දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ - සෙනෙහේ සුවසේමා
ලා...ඉරේ රන් ගැවිලා - සදා ස්නේහයේ මල් වැහි වෑහුනා

පිපි හාදු සුළගේ - මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා...
සඳ රේනු යායේ මුදු සීත පෙනුනේ
ලං වෙන්න මයි නෙත් පියා...

උදා වේ...මා...සැදෑවේ...මුදා..
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...

ඕ...ඔබ ගාව සිහිනේ - හිත හීන නෙළුවේ
රෑ තුන් යමේ හිත් පුරා...
නොදොඩාම දෑසේ - කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා...

උදා වේ...මා...සැදෑවේ...මුදා..
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...


ගායනය : කසුන් කල්හාර
පද රචනය : අචල සොලමන්ස්
සංගීතය : කසුන් කල්හාර


මෙතනින් අහන්න...

ආලෙන් වෙලා ගන්න - අතුල අධිකාරී, සමිතා මුදුන්කොටුව | Alen welaganna - Athula Adikari & Samitha Mudunkotuwa



ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා..
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා..

මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට, චෝදනා
මම මෑතින් හිදන්වුන් ලගින් වේදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි මගේ නැද්ද තාමත් හිතේ...
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ..

ආලෙන් වෙලා ගන්න...

<a href=" v="mx0zRr10UDc&feature=related" watch="" www.youtube.com="" />::::මෙතනින් අහන්න:::: ගායනය : අතුල අධිකාරී සමඟින් සමිතා මුදුන්කොටුව

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ

පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ
ඉඳ හිටි සපැමිණ සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ

ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ..
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ..
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - වසන්ත කුමාර කොබවක
සංගීතය - රෝහණ වීරසිංහ

දොර කවුළුවෙන් - ෂර්ලි වෛජයන්ත, චන්ද්‍රලේඛා පෙරේරා

දොරකවුළුවෙන් එබී බලා - කවුරුදෝ නුවන් හෙලා..
කවුරුදෝ ඔබ කවුරුදෝ - මන්දහාසයෙන්...
දොර කවුළුවෙන් එබී බලා - මං මෙසේ නුවන් හෙලා..
රෝස මලට බඹරු රඟන - මං හිදිමි බලා...

නගේ මගේ පැලට නුඹේ සීපද රාවේ..
සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ..
මලින් මලට බඹරු රඟන ගුමු ගුමු නාදේ..
සවනට මා රැදුනු සැනින් මේ දිව ආවේ..

දොර කවුළුවෙන්...//

ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
බහක් ලැබේ දෝ නුඹගෙන් මසිත සැලෙනවා
පමා වුනේ නුඹ කිමදෝ මසිත සැලෙනවා
හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා...

දොර කවුළුවෙන්...//

ගායනය - ෂර්ලි වෛජයන්ත සමඟින් චන්ද්‍රලේඛා පෙරේරා
(මුල් අනුවාදයේ පිරිමි හඬ මාර්ෂල් ජනතාගෙන්)
සංගීතය - ෂර්ලි වෛජයන්ත

Related Posts Plugin for WordPress, Blogger...