සිත මනමාලකම් කරයි - සමන්ත පෙරේරා | Hitha Manamalakam Karai - Samantha Perera - sinhala lyrics

හිත මනමාල කම් කරයි
සිතුවිලි සීතලෙන් ගැහෙයි...//
අඳුරේ නුහුර සැරිසරයි
ගී කිරිල්ලියේ......
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...

ලේ කැටි සීතලෙන් මිදෙයි
තනිකම් දොසින් හා පුරයි
රෑයම රෝසයෙන් පිරෙයි
ගී කිරිල්ලියේ......
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...

වැලපෙන මුහුද හරි සැරයි
සුළඟට හාදු අමතකයි
නිදිනැති හින ඇස හරියි..
ගී කිරිල්ලියේ......
උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි...
උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි...

හිත මනමාලකම්...//

ගායනය : සමන්ත පෙරේරා

එපා තවත් මගෙ හිත රිදවන්න

එපා තවත් මගෙ හිත රිදවන්න
එපා..තවත් මගෙ හිත රිදවන්න
ආල නුරා කම් පෑවට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදු
ඔබ යන්න...ඔබ යන්න...

හිත කීරි ගැහෙනවා මගෙ වෙනදා විදියට
නුඹ මතක ලොවේ සැරිසරණ වෙලාවට
නුඹ නැතිව බැරි වුනත් උණුහුමකට මා ලඟ
පෙම් කරන්න බෑ යළි ගොළුවූ හදකට
ඔබ යන්න...ඔබ යන්න...

හිත කීරි ගැහෙනවා....//

එපා තවත් මගෙ හිත රිදවන්න
එපා..තවත් මගෙ හිත රිදවන්න
ආල නුරා කම් පෑවට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදු
ඔබ යන්න...ඔබ යන්න...

ගායනය : මිලින් රූපසිංහ(MiLiN)
පද රචනය : ටිරාන් ගුණසේකර
සංගීතය : SaReGaMa

නිල්ල පුරා

නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා...//

ලොව කොතැන ද කොහේ ද තියෙන්නේ
නුඹ මා හා නුඹ එක් තැන් වෙනා තරම්
සුවබර සුන්දර පිරිපුන් මනරම්
මෙතරම් ලස්සන නවාතැනක්
තුරුලේ....උණුහුම විදිනා...

නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා...///

ගායනය : මිලින් රූපසිංහ(MiLiN)
පද රචනය : අරුණ කිත්සිරි
සංගීතය : කසුන් කල්හාර

ගලන ගඟකි ජීවිතේ - නාරද දිසාසේකර, නන්දා මාලිනී | Galana gangaki jeewithe - Narada Disasekara, Nanda malini - sinhala lyrics

ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ...//
මිහිර පතා ආදරේ
ලපළු නටයි ගංතෙරේ...

වැලිතල කිති කවන නටන
පෙම් රළ වැළ ඉවුරු බඳින..
මිහිතලයට සුවය දැනෙන
උකුළු තලය බඳු නැලැවෙන..

ගලන ගඟකි ජීවිතේ...//

පෙමට පෙම පුදා..
තුඩට තුඩු දිදී..//
කුරුළු ගී නගයි...
ආ..දරේ..බැදීලා..

ගලන ගඟකි ජීවිතේ...//

ගායනය : නන්දා මාලිනී සමඟින් නාරද දිසාසේකර
පද රචනය : චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය : ඩබ්ලිව්. ඩී. අමරදේව

"සුජාතා“ චිත්‍රපටයේ ගීතයක්

අනෝතප්ත විල - ඩබ්ලිව්. ඩී. අමරදේව | Anothaptha Vila - W.D.Amaradewa - sinhala lyrics

අනෝතප්ත විල නෙළුම නෙලාලා
පීරා වරලස මල් ගවසාලා..
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරගන පිරිවරිනා..එරන්දතිය එනවා..

සිතක උපන් දොල සංසිදුවාලා..
මතක සිනාවෙන් මුව සරසාලා..
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්..
සිතට තුරුළු වෙනවා..එරන්දතිය එනවා..

කෝමල ගමනින් කෝල හැඟුම් හල
කාලය ගිරෙන් සිතුවිලි සේනාගෙන...//
වරගන පිරිවරිනා එරන්දතිය එනවා...

අනෝතප්ත විල...//

නලලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් නෙලාලා..//
පාද කිකිණි සොලවා එරන්දතිය එනවා

අනෝතප්ත විල...//

ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව සමඟින් අමිතා දළුගම
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : වික්ටර් දළුගම
Related Posts Plugin for WordPress, Blogger...