අන්දර යායේ - කරුණාරත්න දිවුල්ගනේ | Andara yaye - Karunarathna Divulgane


අන්දර යායේ වැව්තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී...//

වළාකුලේ දා බිදු තවරා
මහපොළවට මහ වැසි ගෙනෙනා...//
දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුලැලි සලනා..

අන්දර යායේ...

තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා...//
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
සිදාදියට යන මං තැනුවා...

අන්දර යායේ...

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : කුමාර ලියනගේ
සංගීතය : රෝහණ ධර්මකීර්ති



Comments

  1. මම ගොඩක් කැමති ගීතයක්........

    ReplyDelete
  2. කැමති ගීතයක්.....

    ReplyDelete
  3. සෑම විටම,ගී පද රචකයා,සංගීත අධ්‍යක්ෂක වරයා සඳහන් කිරීම, අගය කොට සලකමි..

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් ඒ විස්තර සඳහන් කරන්න උත්සාහ කරනවා. එහෙම නොවෙන අවස්ථාවලදි ඔයාලගෙ උදව් ඕන වෙනවා.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...