දොර කවුළුවෙන් - ෂර්ලි වෛජයන්ත, චන්ද්‍රලේඛා පෙරේරා


දොරකවුළුවෙන් එබී බලා - කවුරුදෝ නුවන් හෙලා..
කවුරුදෝ ඔබ කවුරුදෝ - මන්දහාසයෙන්...
දොර කවුළුවෙන් එබී බලා - මං මෙසේ නුවන් හෙලා..
රෝස මලට බඹරු රඟන - මං හිදිමි බලා...

නගේ මගේ පැලට නුඹේ සීපද රාවේ..
සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ..
මලින් මලට බඹරු රඟන ගුමු ගුමු නාදේ..
සවනට මා රැදුනු සැනින් මේ දිව ආවේ..

දොර කවුළුවෙන්...//

ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
බහක් ලැබේ දෝ නුඹගෙන් මසිත සැලෙනවා
පමා වුනේ නුඹ කිමදෝ මසිත සැලෙනවා
හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා...

දොර කවුළුවෙන්...//

ගායනය - ෂර්ලි වෛජයන්ත සමඟින් චන්ද්‍රලේඛා පෙරේරා
(මුල් අනුවාදයේ පිරිමි හඬ මාර්ෂල් ජනතාගෙන්)
සංගීතය - ෂර්ලි වෛජයන්ත
ගී පද - ෂර්ලි වෛජයන්ත

Comments

  1. http://www.youtube.com/watch?v=JzGHqkJTiz8&feature=related

    ReplyDelete
  2. http://www.youtube.com/watch?v=8so5ssDgRY0

    දොර කවුළුවෙන් මුල් ගැයුම- මාර්ෂල් ජනතා සමග චන්ද්‍රලේකා පෙරේරා

    මගේ කතාව

    ReplyDelete
    Replies
    1. ඒක දැනගෙන නොහිටපු කාරණයක්. ඒ වර්ෂන් එකත් සෑහෙන්න ලස්සනයි. සංගීත සංයෝජනය ෂර්ලිගෙ. ඒ නිසා එයා පස්සෙ කාලෙක ආයෙමත් ගායනා කරල වෙන්න ඕන.

      Delete
    2. ඇත්ත හේතුව කණගාටුදායක කතාවක්.මාර්ෂල් ජනතා ආපහු සින්දු කිව්වෙ නෑ.

      Delete
    3. http://www.dinamina.lk/2010/07/15/_art.asp?fn=f1007152

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...