ක්ෂීර සාගරේ - ජයන්ත රත්නායක | Ksheera sagare - Jayantha Rathnayaka - sinhala lyrics


ක්ෂීර සාගරේ තුරුණු මැදියමේ
රිදී වරල් සේ රළ කැළඹේ
වෙරළට ඇවිදින් දෙපා සිඹින විට
ගිණිගත් හදවත සුපහන් වේ

මට ඔබ සිහිවෙයි
ඔබ මේ රළ පෙළ වාගෙයි
ගොර බිරම් හඬින් විටෙක කෑ ගසා
සිහින් සරින් තව විටෙන ළය නිවයි

ආදර ලොව මහ සයුරක් සේ
ධන නිදහන් දී සිහිල සදා
නොපැතු විටක රැළි සුළි නංවා
ජීවිත ඉල්ලයි

ඔබ මහ මුහුදක් වෙනවද
සැඩ බිඳි වෙරළේ රළ පෙළ වෙනවද
නැතිනම් රැළි සුළි අටවා
මා හසුවන තුරු බලා හිඳිනවද
බිලිවන්නට පෙර අසමි
එක හිතකින් පිළිතුරු පතමි
බිලිවන්නට පෙර අසමි
එක හිතකින් පිළිතුරු පතමි


ගායනය - ජයන්ත රත්නායක
තනුව - රෝහණ වීරසිංහ
පද - බන්දුල නානායක්කාරවසම්





වීඩියෝව ගත්තෙ මෙතනින් - shower

Comments