සෙනෙහස රන් සිංහාසන - ත්‍යාගා එන්. එඩ්වඩ් | Senehasa ran sinhasana - Thyaga N Edward - sinhala lyrics


සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා
මතු සක්විති රජෙක් මගේ උකුලෙ නිදනවා
මගේ උකුලෙ නිදනවා //

සුවඳ හැමූ යහන් ගැබේ සෙමෙර සලනවා
වෙසක් මහේ මලක් වගේ කුමරු නිදනවා
කිඹුල්වතින් එන පවනේ සුවය දැනෙනවා
පිනැති පුතුන් උපන් රටට ඉසුරු පිරෙනවා

සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා
මතු සක්විති රජෙක් මගේ උකුලෙ නිදනවා
මගේ උකුලෙ නිදනවා

මධු ගංගා දෙතොල් අතර හැපී බිඳෙන්නේ
රුවන් පුළුන් වළා විමන් මත දැවටෙන්නේ
පොකුරු පොකුරු මල් ගෙන සුර සේනා එන්නේ
මෙවන් සිහින දැකලා දෝ පුතු හිනැහෙන්නේ

සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා
මතු සක්විති රජෙක් මගේ උකුලෙ නිදනවා
මගේ උකුලෙ නිදනවා //

මගේ උකුලෙ නිදනවා //


ගායනය - ත්‍යාගා එන්. එඩ්වඩ්
තනුව - දයාරත්න රණතුංග
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - nalinsra

Comments

  1. ස්තූතියි ජෝර්ජ් ලෙස්ලි රණසිංහගේ නමත් සදහන් කලාට

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...