සඳක් නම් - රොහාන් ශාන්ත බුලේගොඩ | Sandak nam besa yanna thibuna - Rohan Shantha Bulegoda - sinhala lyrics


සඳක් නම් බැස යන්න තිබුනා
හඬන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුනා
ක‍ටු අගට ලස්සන නොදී //

පරෙවි තුඩකින් විළඳ දුන්නට
ගිරවියක වළඳන්නේ නෑ
කඳුළු බිඳුවක ‍රැ‍ඳෙන ගින්දර
හිනාවක් හඳුනන්නේ නෑ

සඳක් නම් බැස යන්න තිබුනා
හඬන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුනා
ක‍ටු අගට ලස්සන නොදී

පොළොව උසුලන සියළු දුක සැප
අහස් තලයෙනි හිමි වුනේ
පොළෝ තලයට අහස දුර බව
සිතන්නේ ඇයි මිනිසුනේ

සඳක් නම් බැස යන්න තිබුනා
හඬන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුනා
ක‍ටු අගට ලස්සන නොදී


ගායනය - රොහාන් ශාන්ත බුලේගොඩ
තනුව - එච්. එම්. ජයවර්ධන
පද - දයා ද අල්විස්



වීඩියෝව ගත්තෙ මෙතනින් - Rupavahini Tone Poem

Comments