රිදී නදී සිඳී - සමිතා එරන්දතී මුදුන්කොටුව ‍| Ridee nadee sindee - Samitha Erandathi Mudunkotuwa - sinhala lyrics


රිදී නදී සිඳී
ගහ කොළද මල් හැලී
සුසුම් කැටි ගැසී
උණු කඳුළු වැහි වහී


තාරුකා දැවී
නිල් අහස ගිණි ගනී

තාරුකා දැවී
නිල් අහස ගිණි ගනී
සඳ මඩල බිම වැටී
මහ පොළොව සිපගනී


ප්‍රාර්ථනා සිඳී
හදවතම ගිණි ගනී

ප්‍රාර්ථනා සිඳී
හදවතම ගිණි ගනී
මට මාව අහිමි වී
ඔබ යන්න නොනැවතී


ගායනය - සමිතා එරන්දතී මුදුන්කොටුව
තනුව - නදීක ගුරුගේ
පද - පමිත ආර්. ලියනගේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - පාරමී පුජා

Comments