ඔබටයි මේ ආරාධනා - රෝහණ බෝගොඩ | Obatai me aradhana - Rohana Bogoda - sinhala lyrics


ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා //
හිරු සඳු ඇති තුරා
සසර වසනා තුරා
ඉන්නට බැහැ තරහා වෙලා
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා

පෑව සෙනේ අමනාපෙ නිසා
මෝදු වෙලා තිබුණාට වඩා //
සිත සැනසුන් සාදනා
ඔබේ හසරැල් මට වාසනා //

ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා

තරහා උනත් දෙදෙනා ඊයේ
තරහ නොවෙමු කිසිදා ආයේ //
යළි නොම ඒ වේදනා
ඔබේ හසරැල් මට වාසනා //

ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා //
හිරු සඳු ඇති තුරා
සසර වසනා තුරා
ඉන්නට බැහැ තරහා වෙලා
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා


ගායනය - රෝහණ බෝගොඩ
තනුව - සරත් ද අල්විස්
පද - දෙල්තොට චන්ද්‍රපාල




වීඩියෝව ගත්තෙ මෙතනින් - Rupavahini Tone Poem

Comments