නිල් කඳු පවුරයි (ගම මහනුවරයි) - චන්ද්‍රකුමාර කඳනආරච්චි | Nil kandu pawrai (Gama Mahanuwarai) - Chandrakumar Kandanarachchi - sinhala lyrics


නිල් කඳු පවුරයි මහවැලි දිය අගලයි
විරුවන් දිනු මා ඉපැදුණු ගම මහනුවරයි //
ගම මහනුවරයි ගම මහනුවරයි
ගම මහනුවරයි මගෙ ගම මහනුවරයි

දළදා හිමි සිව් දෙවි වැඩ වසනා
රසඳුන් මල් ගොමු බිඟුසර නඟනා
සිහිලස දෙන වැව් කොමලිය රඳනා
සරුබිම හැමදා සිරිකත රැඳුණා
ගම මහනුවරයි ගම මහනුවරයි
ගම මහනුවරයි මගෙ ගම මහනුවරයි

පඬිවරු යතිවරු නිරතුරු ගැවසේ
සිප්සත දී නිති සරසවි නිවැසේ
සඳළුතලා මත කිඳුරියො හිනැහේ
එහි උපදින්නට පින් කළ යුතුවේ
ගම මහනුවරයි ගම මහනුවරයි
ගම මහනුවරයි මගෙ ගම මහනුවරයි

නිල් කඳු පවුරයි මහවැලි දිය අගලයි
විරුවන් දිනු මා ඉපැදුණු ගම මහනුවරයි //
ගම මහනුවරයි ගම මහනුවරයි
ගම මහනුවරයි මගෙ ගම මහනුවරයි


ගායනය, තනුව - චන්ද්‍රකුමාර කඳනආරච්චි
සංගීතය - උපාලි කන්නංගර
ගේය පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන



වීඩියෝව ගත්තෙ මෙතනින් - Parana Sindu

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...