නිල් දෑසින් බලාවී - සුරේනි ඩි මෙල් | Nil dasin balawi - Surenie De Mel - sinhala lyrics


රහසින් ඇවිත් මුමුණා ගියා
ඒ කිවු වදන් සිත මත කලා
ආයෙත් ඇවිත් මට ළං වෙලා
පවසන්නකෝ සිතු දේ ඔයා

නිල් දෑසින් බලාවී මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී
ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනා
සදා පැතුම ඔබ වේ මගේ

නෑ තාම නෑ ඔබ ආවේ නෑ
සිහිනෙන් උවත් දුරස් වෙන්න බෑ
යන්තම් ඔබේ රුව දුටුවේ මා
කොහේදෝ ගියේ මා හැර දමා

නිල් දෑසින් බලාවී මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී
ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනා
සදා පැතුම ඔබ වේ මගේ

මලින් මලට ඉගිලිලා එන්නම්
හදේ කවුළු ඇර මා බලන්නම්
සිතින් සිතන දේ මා පතන්නම්
එයයි මා පැතූ ආදරේ

නිල් දෑසින් බලාවී මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවි
ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනා
සදා පැතුම ඔබ වේ මගේ


ගායනය, තනුව - සුරේනි ඩි මෙල්
සංගීතය - අචල සොලමන්ස්
පද - සුරේනි ඩි මෙල්



වීඩියෝව ගත්තෙ මෙතනින් - M Entertainments

Comments