ඉර වට යන ගිරවියනේ - අයිවෝ ඩෙනිස් | Ira wata yana giraviyane - Ivor Dennis - sinhala lyrics


ඉර වට යන ගිරවියනේ
මගේ ගිරවිය කොයිද අනේ

වනන්තරේ තුරු වදුලේ
කූඩු වෙලා උන්නු අපි
නිරන්තරේ ආල මතින්
ලෙන්ගතු වී උන්නු අපි
මගේ ගිරවී කොයිද කියන්
සඳ වට යන සාවුනේ

ඉර වට යන ගිරවියනේ
මගේ ගිරවිය කොයිද අනේ

කයිතාලම් සීනු හඬින්
කවි සී පද සින්දු කියා
ඈ රහසේ පඳුරු උඩින්
මට නොකියා යන්ට ගියා
මගේ ගිරවිය කොයිද කියන්
වනයට හිමි දේවනේ

ඉර වට යන ගිරවියනේ
මගේ ගිරවිය කොයිද අනේ

හිත පපුවට ගිනි ඇවිළී
මට තනිකම් දැනුණාවේ
සතරවරම් දෙවි සරණින්
ඈ නිදුකින් උන්නාවේ
මගේ ගිරවිය කොයිද කියන්
සත් පත්තිනි සාමිනේ

ඉර වට යන ගිරවියනේ
මගේ ගිරවී කොයි ද අනේ


ගායනය - අයිවෝ ඩෙනිස්
තනුව - ප්‍රේමසිරි කේමදාස
පද - අජන්තා රණසිංහ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Pathum Harshana

Comments