ඉර මඩලට පෙම් කලාද - චන්දන ලියනාරච්චි | Ira madalata pem kalada punchi kirilli - Chandana Liyanarachchi - sinhala lyrics


ඉර මඩලට පෙම් කලාද පුංචි කිරිල්ලී
ඈත ඈත පියැඹුවාද ගිහින් තටු දැවී ගියාද
හිතුවක්කාරී //

මලට තහංචි වන බඹරුන්ට තහංචි
ආදරයේ මල් සුවඳට කොහෙද තහංචි
ඒකයි අපි උඹට කැමති පුංචි කිරිල්ලි

ඉර මඩලට පෙම් කලාද පුංචි කිරිල්ලී
ඈත ඈත පියැඹුවාද ගිහින් තටු දැවී ගියාද
හිතුවක්කාරී //

විලට තහංචි විල් දියකඳට තහංචි
ආදරයේ රළ නගන්න කොහෙද තහංචි
නුඹට ආදරෙයි අපි හිත රිදුණු කිරිල්ලි

ඉර මඩලට පෙම් කලාද පුංචි කිරිල්ලී
ඈත ඈත පියැඹුවාද ගිහින් තටු දැවී ගියාද
හිතුවක්කාරී //


ගායනය - චන්දන ලියනාරච්චි
තනුව - එච්. එම්. ජයවර්ධන
පද - රත්න ශ්‍රී විජේසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - Dilnuwan Amaraweera

Comments