ගල් අරණේ හැංගෙන්නා - නීලා වික්‍රමසිංහ | Gal arane hangenna - Neela Wickramasinghe - sinhala lyrics


ගල් අරණේ හැංගෙන්නා
උන් රහසේ ළං වෙන්නා
මා පුතු අල්ලන් යන්නයි
නෑ එන්නට දෙන්නේ
මා පුතු ළඟ ඉන්නේ
නාඬා නිදියන්නේ //

සඳුන් වනේ මල් නෙලනා සුරංගනාවෝ
සුවඳ දොවා ඇල් පවනේ පුතුට ගෙනාවෝ //

ගල් අරණේ හැංගෙන්නා
උන් රහසේ ළං වෙන්නා
මා පුතු අල්ලන් යන්නයි
නෑ එන්නට දෙන්නේ
මා පුතු ළඟ ඉන්නේ
නාඬා නිදියන්නේ

සිඟිති නෙතේ කැකුළු මුවේ මැවෙන සිනාවේ
සසල නොවේ නිමල සුවේ සිතට උදා වේ //

ගල් අරණේ හැංගෙන්නා
උන් රහසේ ළං වෙන්නා
මා පුතු අල්ලන් යන්නයි
නෑ එන්නට දෙන්නේ
මා පුතු ළඟ ඉන්නේ
නාඬා නිදියන්නේ //


ගායනය - නීලා වික්‍රමසිංහ
තනුව - එච්. එම්. ජයවර්ධන
පද - කුලරත්න ආරියවංශ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Free Mp3

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...