ඩේලියා මලෙන් සුවඳ ගන්න - කිංස්ලි පීරිස් | Deliya malen suwanda ganna - Kingsly Peiris - sinhala lyrics


ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද
වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න
ආදරය සඳක් වේවා හදවතට සිඹින්න

තව්තිසා දෙව් ලොව දෙව්ලියන් වැඩියට
තව්තිසා දෙව් ලොව දෙව්ලියන් වැඩියට
මට වඩා ලස්සනයි මගෙ පෙම් කුමරි වැඩියම
ඔබේ හසුන් පතම සිප ගත්තෙමි ඔබ සිතා මම

ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද
වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න
ආදරය සඳක් වේවා හදවතට සිඹින්න

පහුවෙලා නිදි දුව නිදියන්න බැහැ මට
පහුවෙලා නිදි දුව නිදියන්න බැහැ මට
සඳ ඇවිත් කියා දෙනවා ආදරේ කව් පද
මට මතක් වුණා අපි හමුවුනු පළවෙනි දවස

ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද
වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න
ආදරය සඳක් වේවා හදවතට සිඹින්න


ගායනය - කිංස්ලි පීරිස්
තනුව - ජයසිරි අමරසේකර
පද - චන්න ජයනාත්




වීඩියෝව ගත්තෙ මෙතනින් - sanju lasantha

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...