සයුරක් නොදුටු ගඟුලක් - සුනිල් එදිරිසිංහ | Sayurak nodutu gangulak - Sunil Edirisinghe - sinhala lyrics


සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ //

කඳුළක් නොසැලු නෙතකින්
හසරැල් සොයන්නෙපා //
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා //
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ //



ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - එච්.එම්. ජයවර්ධන




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara

Comments