ඔබේ ආදරේ මහා සාගරේ - සෝමසිරි මැදගෙදර | Obe adare maha sagare - Somasiri Medagedara - sinhala lyrics


ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ //

දුකේදී හඬාවී සැපේදී සිනාවී
රැඳේවී මගේ ජීවිතේ //
මා හීනෙකින්වත් නොකී දේ මවාලා
ඇදී යන්නෙ ඇයි මේ ලෙසේ

ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ

නෑ මා ඔබේ ලෝකයේ හී සදා
වේදනාවන් මවා ආදරේ //
කම්පා නොවී හිඳිමු කීවාට ලොවම කරුණු
ඈතින් හෙලා චෝදනා

ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ //


ගායනය - සෝමසිරි මැදගෙදර
සංගීතය - නිමල් ගුණසේකර
ගී පද - බන්දුල ජයසිංහ





වීඩියෝව ගත්තෙ මෙතනින් - Sudu Araliya

Comments