මා ඔබේ සකුන්තලා - සුජාතා අත්තනායක | Ma obe sakunthala - Sujatha Attanayake - sinhala lyrics


මා ඔබේ සකුන්තලා
මා ඔබේ නිසන්සලා
පෙම් මන්දිරේ පුරා
ඔබ කී කතා ඇසේ //
මා ඔබේ සකුන්තලා


හද මංජුසාව දෙදරා
නූපන් සෙනේ මුලාවේ
හද මංජුසාව දෙදරා
නූපන් සෙනේ මුලාවේ
පිටුපෑව ආල කුමරෝ
පිටුපෑව ආල කුමරෝ
හමුවෙන්න මතු භවේදී

මේ අනෝම ආදරේ
මේ අනාත මංසලේ
පෙම් මංදිරේ පුරා
ඔබ කී කතා ඇසේ
මා ඔබේ සකුන්තලා


මද අන්දකාර විජිතේ
යාත්‍රා රුවල් බිඳෙන්නේ
මද අන්දකාර විජිතේ
යාත්‍රා රුවල් බිඳෙන්නේ
එකදාම එකම සොහොනේ
එකදාම එකම සොහොනේ
සැතපෙන්න මා පතන්නේ

මා ඔබෙන් උපන්නෙමි
මා ඔබෙන් මියෙන්නෙමි
පෙම් මන්දිරේ පුරා
ඔබ කී කතා ඇසේ

මා ඔබේ සකුන්තලා
මා ඔබේ නිසන්සලා
පෙම් මන්දිරේ පුරා
ඔබ කී කතා ඇසේ
මා ඔබේ සකුන්තලා
මා ඔබේ නිසන්සලා



ගායනය - සුජාතා අත්තනායක
සංගීතය - සරත් දසනායක
ගී පද - උපාලි ධනවලවිතාන

1970දී තිරගත වූ කටි පතං (Kati Patang) හින්දි චිත්‍රපටියේ නා

කොයි උමං හයි (Na Koi Umang Hai) ගී තනුව ඔස්සෙ

නිර්මාණය වී ඇත. සංගීතය - ආර්.ඩී. බර්මන්



වීඩියෝව ගත්තෙ මෙතනින් - RedAnt Music

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...