එක දවසක් පළඟැටියෙක් - අජිත් කුමාරසිරි | Eka dawasak palangatiyek - Ajith Kumarasiri - sinhala lyrics


එක දවසක් පළඟැටියෙක්
සිතුවමක් ඇන්දා
සිතුවමක් වගේ
සිතියමක් ඇන්දා
සිතියමේ උන්නු සමනලයා
මං මුලා වුණා
මල් හොයලා

ගහකොළ විතරයි පේන මානේ
සුළඟ හමනවා සුවඳක් නෑනේ
සිතියමේ උන්නු සමනලයා
මං මුලා වුණා
මල් හොයලා

බොරුව ළඟ වැඩියි මේ ලෝකේ
ඒක සූම් කරල අපි බලලත් නෑනේ
සිතියමේ උන්නු සමනලයා
මං මුලා වුණා
මල් හොයලා

එක දවසක් පළඟැටියෙක්
සිතුවමක් ඇන්දා
සිතුවමක් වගේ
සිතියමක් ඇන්දා
සිතියමේ උන්නු සමනලයා
මං මුලා වුණා
මල් හොයලා

ගායනය - අජිත් කුමාරසිරි ඇතුළු පිරිස
සංගීතය - අජිත් කුමාරසිරි
ගී පද - නුවන් ජූඩ් ලියනගේ

සුනිල් කොස්තා මහතා අධ්‍යක්ෂණය කල සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයේ තේමා ගීතයයි



වීඩියෝව ගත්තෙ මෙතනින් - Sri Lanka Rupavahini

Comments

  1. මේ සිංදුවේ අර්ථය ඉදිරිපත් කරන්න පුලුවන් ද

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...