සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා - සුජාතා අත්තනායක | Sanda rajiniyane - Sujatha Aththanayaka - sinhala lyrics


සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා
දුටුවද මාගේ හද හිමි සුපෙම්බරා //

තරු පායා දිලි දිලි මෝරා
එනවාද මග තෝරා //


සුළඟ හමා එන දසතින් ඒ
ඔහුගේ සුවඳද ගෙන එන්නේ //
ළා දලු පොපියා නැලවෙන්නේ
ඒ කටහඬ මට පවසන්නේ
ඒ කටහඬ මට පවසන්නේ

තරු පායා දිලි දිලි මෝරා
එනවාද මග තෝරා //


රන් විමනේ නිල් අඹරෝරේ
ඔබෙ රූපය එබෙනා බව තේරේ //
පා ඔසවා පෙම් ගං තීරේ
එනු මා වෙත දී ශෘංගාරේ
එනු මා වෙත දී ශෘංගාරේ

තරු පායා දිලි දිලි මෝරා
එනවාද මග තෝරා //


සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා
දුටුවද මාගේ හද හිමි සුපෙම්බරා //



ගායනය - සුජාතා අත්තනායක
සංගීතය - එම්. කේ. රොක්සාමි
ගී පද - කරුණාරත්න අබේසේකර

ඊ. රත්නම් මහතාගේ අධ්‍යක්ෂණයෙන් 1965දී තිරගත වූ ‘සැකය‘ චිත්‍රපටියෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Nimal Bonifus

Comments