කොවුලා කොහෙදෝ - ග්‍රේෂන් ආනන්ද | Kowula kohedo - Gretion Ananda - sinhala lyrics


කොවුලා කොහෙදෝ ගොලු වී ගියාදෝ
සරදම් ලබා දෛවයේ
මිතුරා කොහේදෝ වෙන් වී ගියාදෝ
ඉරණම් ලෙසේ ජීවිතේ //
ඉරණම් ලෙසේ ජීවිතේ

සුර දූතයන් හෝ සුර දූතියන් හෝ
අපටත් වඩා මිතුරු වීදෝ
මෙලෙසින් අකා‍ලේ මෙලොවින් මිදීලා
සිතුවේ සොයා යන්න සුර ලෝ
සිතුවේ සොයා යන්න සුර ලෝ

කොවුලා කොහෙදෝ ගොලු වී ගියාදෝ
සරදම් ලබා දෛවයේ
මිතුරා කොහේදෝ වෙන් වී ගියාදෝ
ඉරණම් ලෙසේ ජීවිතේ //
ඉරණම් ලෙසේ ජීවිතේ

ප්‍රිය සාද යාමේ සුමිතුරු සමාගම්
නිමවා ගියත් මෙලෙස වෙන් වී
දුර ඈත අහසේ තරුවක් විලාසෙන්
මතු වී බලා අපගෙ ලෝකේ
සෝ ගීතිකාවෝ මගේ
අසනු මැනේ මාගෙ මිතුරේ

සෝ ගීතිකාවෝ මගේ
අසනු මැනේ මාගෙ මිතුරේ


ගායනය - ග්‍රේෂන් ආනන්ද
සංගීතය - මාරියෝ ආනන්ද
ගී පද - ආනන්ද පද්මසිරි

මේ ගීතය ග්‍රේෂන් ගායනා කර ඇත්තේ ක්ලැරන්ස් විජේවර්ධනයන් වෙනුවෙනුයි.




වීඩියෝව ගත්තෙ මෙතනින් - Gration Ananda

Comments