විසේකාරී - බාචි සුසාන් | Visekari - Bachi Susan - sinhala lyrics


අනුරාගී නුවන් හිමිකාරී - උන්මාදී හැඟුම් මට දේවී
සිපගන්නටදෝ ලංවී - විසේකාරී..
ශෘංගාරී දෙතොල් නලියාවී
හැඩකාරී සැනින් මත්වේවී
සුරලෝකේ ඉඳන් ආවාදෝ - විසේකාරී..

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ..
හිත ඔබ ගාව නවතී වගේ..
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ..

මායම් රූ නාරී - විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී..

කවිකාරී තෙපුල් මුමුණාවී - සඳයාවී උකුල් සුවදේවි
අදහන්නට බෑ පුදුමය - විසේකාරි..
මනලෝලි දසුන් ඉගිලේවි - ඳගකාරි සිතුම් උතුරාවි
ඔබ කාගේ කවුරුන්දෝ - විසේකාරි..

ඔය පුළුලූකුල සුදු නෙරියේ..

දේදුන්නයි ඇ මා මුවැත්ති - ඔව් ඈ හරි රුවැත්ති
ඔබ මා මුදු හිතැත්ති - විසේකාරි..
ඔබ ලඟින් ගෙවි යන වසන්තේ
පෙම් හැඟුම් ගලායයි අනන්තේ
හිත මගේ අරන් හැංගෙන්නද - විසේකාරි..

ඔය පුළුලූකුල සුදු නෙරියේ..

ගායනය - බාචි සුසාන්
පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලෙ
සංගීතය - පසන් ලියනගේ



වීඩියෝව ගත්තෙ මෙතනින් - Redfox World

Comments