පොඩ්ඩියේ - සාදර බණ්ඩාර | Poddiye - Sadara Bandara - sinhala lyrics


පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම..
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම..
බක්මහේ කොවුල් බිජු පුපුරණ දාක..
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම..

තනේ කඩා විසිකර පත්තිනි වේ නම්..
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්..
වනේ පාරන්නෙ වන ඵල විස වී නම්..
නගේ දැන් යමං පඬි පුර ගිනි තියපන්..

සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
කතා හදන උන් සේරම බෝසත් ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා - වැඳපන් අම්මාට..

දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා..
ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා..
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා..
අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා..

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා..
මත්වුණු බමරු ඉටිමල් පොකුරෙත් වැහුවා..
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා..
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා..

සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
කතා හදන උන් සේරම බෝසත් ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා - වැඳපන් අම්මාට..

ගායනය : සාදර බණ්ඩාර
පද රචනය : ටිම්රාන් කීර්ති
සංගීතය : සාදර බණ්ඩාර



වීඩියෝව ගත්තෙ මෙතනින් - Sadara Bandara



Comments

  1. ලස්සන, අර්ථවත් ගීතයක්....❤️

    ReplyDelete
  2. A very meaningful song with a hidden story - food for thought !!!

    ReplyDelete
  3. අද සමාජයේ කොන්වුනු ජීවිත කතාවක් තමයි...පට්ටම සිංදුවක් තමයි..අර්තය සුපිරි...🖤👌

    ReplyDelete
  4. කතන්දර එපා - වැඳපන් අම්මාට.....

    ReplyDelete
  5. ලියන්න ගයන්න මේ වගේ ගීත,
    තව තවත් ශක්තිය ලැබෙන්න ඕනෙ මේ පඬිපුරේ ගිනි තියන්න......

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...