අමුඩේ නොහොත් වස් ගීය - සමන් ලෙනින් | Ambude - Saman Lenin - sinhala lyrics


දුන්නු තේ එකට - සීනි වෙනුවට
කලපු ලුණු හැන්දක්ම වැටියාං..//
ආයුබෝවන් කියන මොහොතේ..
බුලත් හෙප්පුව බිම පෙරලියං..

කොයි තරම් ලස්සන උනත් මට
ඌට මහ වස කැතට පෙනියං..
-කොයි තරම් ලස්සන උනත් -
-ඌට මහ වස කැතට පෙනියං..

පරපුරේ පම්පෝරි දොඩවන
අම්මගේ කට වචන ගිලියං..
කැස්ස හැදිලා ආත්තම්මට
වාත පිත තරඟයට කිපියං..

අයියා පණ්ඩිතයා - වෙලාවට
නොයෙන්නට වාහනේ කැඩියං..
නොකල හින්දා වැරැද්දක් මට
තාත්තට වෙන වැඩක් වැටියං...

මකුළු දැල් නැන්දම්මා දෑසට
කිතුල් මල් වාගේම පෙනියං..
නොහොබිනා හරුපයක් කියවී
කාගෙහරි හිත තදට රිදියං..

මඟුල එහෙනම් තීන්දුයි දැන්
කීවොතින් හොර කපුවා එසැනින්
අලුත් නෑකන් සභා මැද්දේ
අනේ ඕකගේ සරම කැඩියං..

-අම්මගේ කට වචන ගිලියං
-තාත්තට වෙන වැඩක් වැටියං
-කාගෙහරි හිත තදට රිදියං
-අනේ ඕකගේ සරම කැඩියං

මොකක් හරි හේතුවක් හින්දා...
අමුඩේ අමතක වෙලා තිබියන්..

දුන්නු තේ එකට - සීනි වෙනුවට
කලපු ලුණු හැන්දක්ම වැටියාං..
ආයුබෝවන් කියන මොහොතේ..
බුලත් හෙප්පුව බිම පෙරලියං..

කොයි තරම් ලස්සන උනත් මට
ඌට මහ වස කැතට පෙනියං..
කොයි තරම් ලස්සන උනත් -
ඌට මහ වස කැතට පෙනියං..//

ගායනය : සමන් ලෙනින්
පද රචනය : දිල්ශාන් පතිරත්න
සංගීතය : සමන් ලෙනින්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Saman Lenin සමන් ලෙනින්


Comments

  1. අමුතුයි... But ලස්සනයි....

    ReplyDelete
  2. දෙවනි අන්තරා කොටස නෑ මේකෙ. තව කොටසක් තියෙනව මේ සින්දුවෙ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...