විරාජිනි - කරුණාරත්න දිවුල්ගනේ | Virajini - Karunarathna Divulgane - sinhala lyrics


විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ
වරම් දෙන්න අත දීපන්
මට පරහක් නොවේ උඹේ
නළලේ තිලකේ

ඉරේ පාට හැන්දඋවට තිලකය තියලා නළලට
හිනැහෙනකොට මූණේ මල් යාය පිපේවී
ලී පැලැල්ල ඉර හෙවණට මාළිගාව වුණ කරුමෙට
චාටු තාරුකා මල් නිදි ඇඳට වැටේවී
රෑට රෑට උඹ තනියෙන් හීන දකිවී

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ
වරම් දෙන්න අත දීපන්
මට පරහක් නොවේ උඹේ
නළලේ තිලකේ

මාල ගොතන්නට හිතාන තරු මල් හීනෙන් ඇහිඳින
උඹේ සුවඳ මගෙ හිත යට උඹ නොදනිවී
හඳපානට ගෙට නොඑන්න වියන් බඳින මකුළුවන්ට
උඹයි මායි අහස පොළොව වාගෙ පෙනේවි
උන්ට හොරෙන් නැගිට වරෙන් ඉන්නම් පේවි

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ
වරම් දෙන්න අත දීපන්
මට පරහක් නොවේ උඹේ
නළලේ තිලකේ

මට පරහක් නොවේ උඹේ
නළලේ තිලකේ //


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - නාලක අංජන කුමාර
ගී පද - කෝන්වැව ආරියරත්න හිමි




වීඩියෝව ගත්තෙ මෙතනින් - MUSIC Bar


Comments