රෑ පුරා - ඩැඩී | Re pura - Daddy - sinhala lyrics


මා දිහා බලනවා
ඒ නිල් නුවන් දිලෙනවා
නිල්වන් ගැබේ දිස්වෙනා
තරුමල් වගේ පේනවා
රෑ පුරා හීනෙනුත් පේනවා


මා තනි යහනේ දුටු හීන
නෑ තනිවුයේ ඔබ ගාව
ළඟ ඉන්න ඕනෙමයි හැමදාම
ඔබ යන්නනම් එපා හැර මාව

රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා

සරා සඳ නැගුනාවේ
මටනම් නැ නින්දක් තනියහනේ
නිශා යාමේ කිඳුරන් රෑඟුවා සේ
ළං වී සිත් දැන්නම් බැඳුනාවේ

ආදරේ දැනෙනවා
හද පත්ලේ මෝරනා
පැතු මේආදරේ
කළලයක් වී මා සිතේ
තැවෙනවා දැවෙනවා රිදෙනවා


මා තනි යහනේ දුටු හීන
නෑ තනිවුයේ ඔබ ගාව
ළඟ ඉන්න ඕනෙමයි හැමදාම
ඔබ යන්නනම් එපා හැර මාව

රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා //

රෑ පුරා හීනෙනුත් පේනවා
රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා
රෑ පුරා රුව ඔබේ


ගායනය - ඩැඩී, ගයාන් පෙරේරා
සංගීතය - ඩැඩී
ගී පද -




වීඩියෝව ගත්තෙ මෙතනින් - Arowana GFX

Comments

  1. තිලොනා සෑසි මුණි ගීතයේ පද ලබාදිය හැකිද ?

    ReplyDelete
    Replies
    1. පැරණි ගීතවල ශ්‍රවණ තත්ත්වය දුර්වල නිසා පද අසා ලිවීම අසීරු කටයුත්තක්. උත්සාහ කරන්නම්!

      Delete
    2. මෙම ගීතයේ පද සූදානම්. එය පලවූ පසු හැකි නම් සදොස් තැන් නිවැරදි කරන්න උදව් වෙන්න!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...