හිරු පායා - නිර්මලී මාකලන්ද​ | Hiru paya - Nirmali Makalande - sinhala lyrics


හිරු පායා බසී සඳු බැස නැග එනවා
ඇල දොල නදී සිඳු පතුලට බැස යනවා
රන් මුතු මැණික් හිමි වී අහිමිව යනවා
මගෙ ජීවිතය හා ලෝ දම කැරකෙනවා
මගෙ ජීවිතය හා ලෝ දම කැරකෙනවා

තමන් හිසට තම අතමය සෙවණැල්ල​
වනන්තරේවත් නැත එම සැනසිල්ල​
නිරන්තරේ හිත රිදවන කැළඹිල්ල
නිවන් ගියා මෙනි හැකිනම් ඉවසිල්ල
නිවන් ගියා මෙනි හැකිනම් ඉවසිල්ල

සුන්දර සොබාදම මෙයටත් වැඩිය මට
සෙනෙහස පාන්නේ කෙළෙසද සියලු විට​
අම්මේ මා රැඳෙව් මේ ලොව එළිය පිට​
මා මෙන් ලොවත් ඔබහට ණයගැතිය හෙට​
මා මෙන් ලොවත් ඔබහට ණයගැතිය හෙට​

පායන තරුව බැබලෙන හද නගින හිරු
පිබිදෙන කුසුම් විකසිත කොද සුවද පිරූ
දියඹට ඇදෙන ඔරු දියඹින් ඇදුන ඔරූ
මගෙ තනි නොතනියට ඇත දිවි තිබෙන තුරූ

මගෙ තනි නොතනියට ඇත දිවි තිබෙන තුරූ //



ගායනය - නිර්මලී මාකලන්ද​
සංගීතය - නිර්මලී මාකලන්ද​
සංගීත සංයෝජනය​- හර්ෂ මාකලන්ද
ගී පද - කොළඹ යුගයේ කාව්‍ය නිර්මානයක් ඇසුරින් සංස්කරණය කරන ලද්දකි



වීඩියෝව ගත්තෙ මෙතනින් - NIRMALI NETHRA MAKALANDE

Comments

  1. මගෙ ජීවිතය හා ලෝ දම කැරකෙනවා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...