රතු මල් ඔසරිය - තිලකසිරි රත්නායක | Rathu mal osariya - Thilakasiri Rathnayaka - sinhala lyrics


රතු මල් ඔසරිය නැතුවට ගෙයි ඔබ
කේන්ති ඇයි ඔතරම්
ඒ මල් ඔසරිය පොඩි දුව රහසින්
ඇඳගෙන හරි මනරම් //

මල් පොකුරක් පොඩි දෑතින් අරගෙන
දුටුවද ඈ අර හිනැහෙන ලස්සන
සෙල්ලම් ගෙයි මනමාලි වගේ
හිතෙනව හරි ආදරයක් දැක්කම
සෙල්ලම් ගෙයි මනමාලි අගේ

රතු මල් ඔසරිය නැතුවට ගෙයි ඔබ
කේන්ති ඇයි ඔතරම්
ඒ මල් ඔසරිය පොඩි දුව රහසින්
ඇඳගෙන හරි මනරම්

මතු යම් දිනයක දුව තරුණියකව
තරුණෙකු සමගින් සරණව යන දින
ඇගෙ හැඩ රුව මා සිතට නැගේ
අපි දෙන්නා හට දිය උගුරක්වත්
දෙන්නේ හෙට ඇය නොවෙද ලොවේ

රතු මල් ඔසරිය නැතුවට ගෙයි ඔබ
කේන්ති ඇයි ඔතරම්
ඒ මල් ඔසරිය පොඩි දුව රහසින්
ඇඳගෙන හරි මනරම්


ගායනය - තිලකසිරි රත්නායක
සංගීතය - රෝහණ වීරසිංහ, සරත් දසනායක
ගී පද - නිමල් රත්නසිරි රූපසිංහ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Kanchana De Seram

Comments